Hiroyuki Konishiගේ ප්‍රකාශයට මන්ත්‍රීවරුන්ගේ දැඩි අප්‍රසාදය


ව්‍යවස්ථා පරීක්ෂණ කමිටුව වඳුරන් මෙන් හැසිරෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.

.

ව්‍යවස්ථා පරීක්ෂණ කමිටුව සතිපතා ක්‍රියාකරන්නේ වඳුරන් ආකාරයෙන් බව ජපාන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික Hiroyuki Konishi පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඔහුගේ මෙම ප්‍රකාශය ඊයේ (30) ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකමතිකව විවේචනය කළහ.  

ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කොමිසමේ ප්‍රධාන ලේකම්වරයා වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ යෝෂිතක ෂින්ඩෝ මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළේය.  

ඔහු මාධ්‍ය හමුවකදී පැවසුවේ ඒ පිලිබඳ අදහස් දැක්වීම පවා විහිළුවක් බවයි.

Konishi පක්ෂය තුළ දැඩි වාමාංශික ව්‍යවස්ථාවාදියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර සෑම සතියකම රැස්වීම් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අගෞරව කරන මුග්ධ ක්‍රියාවක් යනුවෙන් පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කර ඇත.  

මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලයේ කාලසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතු විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ලේකම් ද ඔහුයි.

 

67 Views

Comments