ෆුකුෂිමා බලාගාර ප්‍රදේශයේ තහනම් නගරයක් ජනතාවට විවෘත කෙරේ


සකුරා මල් නැරඹීම සඳහා නගරය මෙසේ විවෘත කර ඇත.

.

සුන්බුන් වූ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයට නිරිත දෙසින් පිහිටි නගරයක ඇතුල්වීමේ සීමා ඉවත් කර තිබේ.

ඒ සකුරා මල් නැරඹීම සඳහායි.

ඇතුළුවීමේ සීමාවන් ඉවත් කර ඇති වර්ග කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය Tomioka නගරයේ කොටසක් වේ.

Tomioka සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් තහනම් කලාප ලෙස නම් කර ඇති නගර 12 න් එකකි.  වසර 12කට පසු ප්‍රථම වතාවට නැවත විවෘත කරන ලද Tomioka හි කොටස් දෙක දරුණුතම බලපෑමට ලක් වූ තහනම් කලාප පහෙන් එකක් වේ.

 

49 Views

Comments