රොබෝවරුන් යොදාගනිමින් සුපිරි වෙළඳසැලක් ආරම්භ කිරීමට සැලසුමක්


Aeon සමූහය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

.

ජපන් සිල්ලර වෙළඳ සමූහයක් වන Aeon විසින්  කෘතිම බුද්ධිය සහ රොබෝවරුන් විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් සුපිරි වෙළඳසැලක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

රොබෝවරු 1,000ක් පමණ වෙළඳසැලෙහි පැය විසි හතරම වැඩ කරනු ඇත.  

මෙම රොබෝවරුන්ට මිනිස් සේවකයන්ට වඩා 10 ගුණයක වේගයෙන් භාණ්ඩ හැසිරවිය හැකි බව සමාගම පවසයි.

Aeon හි බ්‍රිතාන්‍ය හවුල්කරු Ocado Group හි අනුබද්ධිත ආයතනයක් මෙම අති නවීන ඩිජිටල් තාක්‍ෂණය සපයනු ඇත.

 

110 Views

Comments