පිලිපීනය, ජපානය සහ ඇමරිකාව අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක රාමුවක් පිහිටුවීමට සැලැස්මක්


පිලිපීන රජය මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වේ.

.

ජපානයට පැමිණ සිටින පිලිපීන සෙනෙට් සභාවේ සභාපති දකුණු චීන මුහුදේ තම රට සහ චීනය අතර භෞමික ආරවුලක් මධ්‍යයේ ශක්තිමත් බහුපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයක් ඉල්ලා තිබේ.

ඒ අනුව ජපානය සහ එක්සත් ජනපදය සමඟ නව ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක රාමුවක් පිහිටුවීමට පිලිපීන රජය සලකා බලමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

භෞමික ආරවුල් පවතින කලාපයේ නාවික නිදහස සුරක්ෂිත කිරීම සඳහා රටවල් තුන ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පැවැත්විය යුතු බවටද ඔහු යෝජනා කළේය.

තවදුරටත් ආරක්‍ෂක සහයෝගීතාව සහ තාක්‍ෂණික හුවමාරුව පිළිබඳව සාකච්ඡා කිරීමට තම රටෙහි සහ ජපානයේ විදේශ අමාත්‍යාංශ සහ ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් මේ මස අගදී රැස්‌වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

75 Views

Comments