වර්ෂ ගණනාවකට පෙර අතුරුදන් වූ පිළිමයක් යලි හමුවේ


එය Jingoji විහාරස්ථානයට ගෙනවිත් තිබේ.

.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ නැතිවී ගිය බවට සැලකෙන ලී පිළිමයක් ජපානයේ ඔයිටා නගරයේ Jingoji විහාරස්ථානයට ගෙනවිත් තිබේ.

මෙම පිළිමය හිරෝෂිමා ප්‍රාන්තයේ පෞරාණික වෙළෙන්දෙකු වෙන්දේසියකදී යෙන් 700,000 ක් හෙවත් ඩොලර් 5,300 කට මිලදීගෙන තිබේ.

පසුව එය ඩොලර් 3,800 කට විහාරස්ථානයට භාර දීමට වෙළෙන්දා එකඟ වී ඇත.

ලැකර් ආලේපනයේ කොටසක් ගැලවී ගියද පිළිමය නොවෙනස්ව පවතී.  එය දැන් විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇත.

77 Views

Comments