කනගාවා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක සේවය කළ Sei Kato නම් හිටපු පොලිස් නිලධාරියාට එරෙහි දූෂණ චෝදනා පසුගිය පෙබරවාරි 15 වැනි දා විභාගයට ගැනිණි.ඔහුට එල්ල වූ ප්‍රධානම චෝදනාව වන්නේ කනගාවා ප්‍රාන්තයේ අවමංගල්‍ය නිවෙස්වලින් කප්පම් ලබා ගැනීමයි.
ඔහු උසාවියේ දී පවසා සිටියේ ඔහුට මෙම කප්පම් මුදල් ලැබුණේ මුදල් වශයෙන් ට වඩා පෙරගෙවුම් කාඩ්පත් , තෑගි වවුචර සහ බියර ටිකට් ලෙස බවයි. කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට පත් වන මොහොත වන විට දීත් යෙන් මිලියන දෙකක පමණ වටිනාකමින් යුත් කප්පම් ලබාගෙන ඇති බවත් ඉන් ගෙන් ලක්ෂ තුනක් පමණ ඔහුගේ සගයන් වෙනුවෙන් වියදම් කර තිබූ බවත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තහවුරු වී ඇත.
එම සියලු චෝදනා සලකා බලා ඔහුට වසර දෙකහමාරක පමණ සිර දඬුවමක් නියම කිරීමට උසාවිය තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසයි.