කාන්තාවට පහරදුන්  17 හැවිරිදි සිසුවා මරුට


osaka ප්‍රාන්තයේ Takatsuki නගරයේ පිහිටි  නිවාස සංකීර්ණයක  සිටි හතළිස් හැවිරිදි කාන්තාවකට පහරදී 

.

osaka ප්‍රාන්තයේ Takatsuki නගරයේ පිහිටි  නිවාස සංකීර්ණයක  සිටි හතළිස් හැවිරිදි කාන්තාවකට පහරදී  තමාද පිහි ඇනුමක් සිදුකර ගත්  17 හැවිරිදි  සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම සිසුවා අදාළ කාන්තාවගේ දියණිය සමඟ  එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ බවත් යම් කාරණාවක් හේතුවෙන් ඔහු ඔවුන් වාසය  කරන නිවාස සංකීර්ණයට ඩිලිවරි සේවාවක සේවකයෙක් ලෙස බොරු වෙස් ගෙන පැමිණ  එම නිවසට බලෙන් ඇතුලු වීමට තැත් කර තිබිණි.එහිදී ඇතිවූ ගැටුමෙන් ඔහු එම කාන්තාවට පහර දී තිබූ අතර ඔහු විසින්ම ඔහුට පිහි ඇනුමක් සිදුකර ගෙන තිබිණි.

 

කෙසේ නමුත් කාන්තාවගේ දියණිය අසල්වාසීන්ගේ උදව් ද සමගින් පොලිසියට මෙම කාරණය සැළ කර තිබූ අතර පොලිසිය පැමිණ  ඔහුව රෝහල්ගත කර තිබිණි.

Comments