අත්සන් යොදා සිහිකල කඳුළු කතාව...


දෙවන ලෝක යුධ සමයේ දී ඇමරිකාවේ වෙසෙන ජපාන ජාතිකයින් බලහත්කාරයෙන්...

.

දෙවන ලෝක යුධ සමයේ දී ඇමරිකාවේ වෙසෙන ජපාන ජාතිකයින් බලහත්කාරයෙන් සිය නිවාස වලින් පලවා හැර හමුදා කඳවුරු වල සිරගත කිරීමේ 80 වන සැමරුම් දිනය සිහිපත් කිරීම පසුගියදා පැවැත්විණි. 

එහිදී, එකී කඳවුරුවල සිට දිවි ගලවා ගත් අය සහ වර්තමාන ජපාන ඇමරිකානු ජාතිකයින් එක්ව, දෙවන යුධ සමයේ භාවිතා කළ ඇමරිකානු ධජයක සිය අත්සන් සහ සමරු සටහන් තබා එය, ලොස් ඇන්ජලීස් හි පිහිටි ජපාන ඇමරිකානු ජාතික කෞතුකාගාරය වෙත භාර දෙන ලදී. කැලිෆෝනියාහි santa clara හි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වන Johnny Cepeda Gogo විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙම ධජය මත අත්සන් එකතු කිරීම ආරම්භ කරන ලද අතර,එම අඳුරු කාල වකවානුව ගතකළ සියලුම ජපන් ඇමරිකානු ජාතිකයන්ට මෙය උපහාරයක් ලෙස කෞතුකාගාරයෙහි තැන්පත් කිරීමට තීරණය කරන ලද බව ඔහු පැවසීය.

Comments