කාන්තාවන්ගේ රුධිරගත ඊයම් හෙවත් ලෙඩ් (lead) ප්‍රතිශතය, ඇය බිහිකරන දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කෙරෙහි බලපෑමක් ඇති කරන බවට ජපාන පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී සොයාගෙන තිබේ.
ඒ අනුව රුධිරගත ලෙඩ් ප්‍රතිශතය ඉහළ කාන්තාවන් පිරිමි දරුවන් බිහි කිරීමේ වැඩි සම්භාවිතාවයක් පවතින බව ඔවුන් පවසයි. Tohoku තාක්ෂණික හා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Nozomi Tatsuta ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලද අතර, දෙමාපිය යුවළ ලක්ෂයක් පමණ ඔවුන්ගේ නියැදියට යොදාගත් බව වාර්තා වේ. රුධිරගත ලෙඩ් ප්‍රතිශතය ඉහළ මව්වරුන්, 54% කට වඩා වැඩි ප්‍රමාණයක් පිරිමි දරුවන්ට උත්පත්ති ලබා දී තිබූ බව මෙහිදී හෙළි කර ගැනුණි.