ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය විසින් පසුගියදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක සදහන් වූයේ, ශ්රී ලංකා රජයේ බැදුම්කර සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමට, ලොව පුරා ආයෝජකයන්ට ආරාධනා කරන බවයි.
මේ හා සම්බන්ධව සියලුම විස්තර, ශ්රී ලංකා මහ බැංකුවේ පොදු දුරකථන අංකයෙන් සහ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. විදෙස් රටවල සිටින ශ්රී ලාංකීක පුරවැසියන්ට ද මේ සදහා අයදුම් කල හැකි බව ආයෝජන මණ්ඩලය සදහන් කර සිටී.