ජපාන තැපැල් බැංකුවේ හුටපටය...


පසුගියදා ජපාන තැපැල් බැංකුව විසින් ස්ථාපිත කරන ලද නව නීතියක් නිසා...

.

පසුගියදා ජපාන තැපැල් බැංකුව විසින් ස්ථාපිත කරන ලද නව නීතියක් නිසා, පරිත්‍යාග එකතුකරන්නන් විශාල අර්බුදයකට ලක්වූ පුවතක් වාර්තා වේ.

එම නව නීතියට අනුව, තැපැල් බැංකුවේ ගිනුම් හිමි අය කාසි ලෙස මුදල් තැන්පත් කරන සෑම අවස්ථාවකදීම සේවා ගාස්තුවක් ගෙවීම අනිවාර්ය කර තිබුනි. විශේෂ ම අවස්ථාවකදී හැර අනෙකුත් සියලුම කාසි තැන්පතු කිරීම් වලට ගාස්තුවක් අය කිරීමේ මෙකී ක්‍රමය හඳුන්වා දීමේ හේතුව ලෙස බැංකුව පෙන්වා දුන්නේ, මුදල් රහිත ඩිජිටල් ගනුදෙනු ක්‍රම වලට පාරිභෝගිකයා උනන්දු කරවීම බවයි. කෙසේ වෙතත්, සමාජ සත්කාර සඳහා මුදල් රැස් කරන ආයතන, ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ආයතන සහ ලාභ නොලබන පුණ්‍ය ආයතන මෙකී නීතියෙන් ස්වායත්ත බව ජපාන තැපැල් බැංකුව සදහන් කරයි.

146 Views

Comments