මියගිය දරුවෙකුගේ අවයව පුද්ගලයන් තිදෙනෙකුගේ දිවි රැකුමට ලබා දේ


Niigata ප්‍රාන්තයේ රෝහලක රෝහල් ගත කළ වයස අවුරුදු 6 ට අඩු පිරිමි ළමයෙකුගේ අවයව මෙසේ දන් දී ඇත.

.

සංශෝධිත අවයව බද්ධ කිරීමේ නීතියට අනුව Niigata ප්‍රාන්තයේ රෝහලක රෝහල් ගත කළ වයස අවුරුදු 6 ට අඩු පිරිමි ළමයෙකුගේ මොළය මියගොස් ඇති බව ජපාන අවයව බද්ධ කිරීමේ ජාලය ඊයේ (22) නිවේදනය කළේය.

13 වැනිදා ඔහුගේ අවයව පරිත්‍යාග කිරීමට පවුලේ අය එකඟ වූ අතර 20 වැනිදා වනවිට ඔහුගේ මොළය මිය ගොස් ඇති බව ප්‍රකාශ කළේය.  

ඒ අනුව ඔහුගේ ඉන්ද්‍රියයන් ලබා ගැනීමට නියමිත අතර හදවත වයස අවුරුදු 10ට අඩු දැරියකටද අක්මාව අවුරුදු 10ට අඩු තවත් දැරියකටද වකුගඩුව නව යොවුන් වියේ පිරිමියෙකුටද පරිත්‍යාග කිරීමට නියමිතය.  

 

106 Views

Comments