Co2 එක්රැස් කිරීම සම්බන්ධව නව කතාබහක්...


උසස් බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක ගෙන් සමන්විත පර්යේෂණ ආයතනයකින්.. .

.

උසස් බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක ගෙන් සමන්විත පර්යේෂණ ආයතනයකින් සිදුකරන ලද නවතම සොයා ගැනීමකින් හෙළිදරව් වූයේ, ජපානය තුල ක්‍රියාත්මක වන කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගබඩා කර අනතුරුව ප්‍රතිචක්‍රිකරණය කිරීමේ වැඩපිළිවෙළ, බලාපොරොත්තු මට්ටමට වඩා සාර්ථකත්වය අවම බවයි.

 

ඒ අනුව මෙකී පර්යේෂණ ආයතනය ජපානයට පෙන්වා දෙන්නේ, කාබන්ඩයොක්සයිඩ් වායුව ගබඩාකර තැබීම, හුදු මුදල් නාස්තියක් පමණක් වන බවයි. ලන්ඩන් නගරය තුල ස්ථාපිත, TransitionZero නම් කාලගුණ විද්‍යා දත්ත එක්රැස් කරන ආයතනය සඳහන් කර සිටියේ, කාබන්ඩයොක්සයිඩ් වායුව විමෝචනය අවම කිරීමේ ජපානයේ ප්‍රයත්නය, පැසසිය යුත්තක් වුවත් මෙම ක්‍රමය මඟින් එය 100%ක් සාර්ථක නොවනු ඇති බවයි. ඒ වෙනුවට ජපානය සුළං බලශක්ති නිපදවීම කෙරෙහි යොමුවීම වඩා ඵලදායී වනු ඇති බව ඔවුන්ගේ මතයයි.

148 Views

Comments