2007 වසරේදී ජපානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රමාණය 21%ක් වූ අතර ඔවුන් සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලදි.
2030 වර්ෂයේදී මෙම ප්‍රතිශතය 32%ක් වනු ඇති අතර එය 2055 වනවිට 41%ක් දක්වා ඉහළ නගිනු ඇත.
2055 වනවිට ජපාන ජනගහනය මිලියන 90 කට වඩා අඩුවන අතර එය වර්තමාන ජනගහනයෙන් 70%ක් වන බවට ගණන් බලා ඇත.
මේ හේතුව නිසා අලුතින් ඇතිවන රැකියා අවස්ථා සඳහා ජපාන රජය විසින් විදේශීය වෘත්තිකයින්ට ජපානයේ රැකියා ලබාගත හැකිවන පරිදි, Specified Skill Worker (SSW)
නව Visa ක්‍රමය හඳුන්වාදෙන ලදි. ජපන් රජය විසින් 2019 අප්‍රේල් මාසයේදී ගන්නා ලද කැබිනට් තීරණයක් මත ආගමන නියාමන පණත සංශෝධනය කරන ලද අතර
විදේශිකයන්ට වැඩියෙන් රැකියා අවස්ථා ලබාදීමට තීරණය කරන ලදි.
එමෙන්ම මෙම විදේශීය සේවකයින් ජපානයේ සේවය කරන අතරතුර, ඔවුනට ජපානයේ ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය
නිර්මාණය කිරීමටද ජපාන රජය විසින් තීරණය කර ඇත.
මේ සඳහා එම වෘත්තිකයින්ට අවශ්‍ය යටිතල පහසුකම්, උදාහරණයක් ලෙස ඒ ඒ රටවල භාෂාවලින් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වටපිටාව
නිර්මාණය කරන ලද අතර ජපානයේ ජීවත් වනවිට ඇතිවන එදිනෙදා ගැටළු විසඳාගැනීමට අවශ්‍ය සහය ලබාගැනීමට අවශ්‍ය පරිසරයද නිර්මාණය කරන ලදි.
මේ අනුව ජපාන රජය විසින් තම රටට විදේශික පුරවැසියන් වැඩි වශයෙන් ගෙන්වාගැනීමටත්,
ඔවුන් උණුසුම් ලෙස පිළිගැනීමටත්, ඔවුන් ජපානයේ පදිංචිකරුවන් ලෙස පිළිගැනීමටත් කටයුතු කොට ඇත.
මේ අනුව ජපානය විසින් අප්‍රේල් මාසයේ විශේෂිත නිපුණතා සේවක වැඩසටහන (ජපන් භාෂාවෙන් තොකුතෙයි ගිනොව්) යන නේවාසික වීසා ක්‍රමය හඳුන්වාදෙන ලදි.
මෙහි අරමුණ වන්නේ විශේෂ නිපුණතා සහිත විදේශික වෘත්තිකයින් ජපානයට හඳුන්වාදීමෙන් අනාගතයේදී එරට ඇතිවන වෘත්තිකයින්ගේ හිඟයට පිළියම් යෙදීමයි.
දැනට මෙමෙ වෘත්තීන් කාණ්ඩ 14 ක් යටතේ හඳුනාගෙන ඇති අතර 2022 වසරේ ජපන් රජය විසින් විදෙස් වෘත්තිකයින් 350,000 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
ජපානයේ විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳ උපකාරක වෙබ් අඩවිය
https://www.ssw.go.jp/si/
ජපානයට විශේෂිත නිපුණතා සේවකයින් අවශ්‍ය වී ඇත Japanese Ministry of Foreign Affair වෙබ් අඩවිය
https://www.lk.emb-japan.go.jp/Sinhala/ssw/
මේ යටතේ පහත කාණ්ඩ දෙක යටතේ ලංකාවට මෙම SSW නව Visa ක්‍රමය ලැබී ඇත
හෙද රැකවරණය Nursing Care
ශාරීරික සත්කාර වලට අමතරව (පරිශීලකයාගේ ශාරීරික හා මානසික තත්වයන් අනුව ස්නානය කිරීම, ආහාර ගැනීම, බහිර්ස්රාවය කිරීම ආදියට සහය වීම), මේ හා සම්බන්ධ ඕනෑම උපකාරක සේවාවන් (විනෝදය, ක්‍රියාකාරී පුහුණුව සඳහා ආධාර ආදිය)
සටහන: නිවසට ගොස් සේවාවන් සැපයීම කල නොහැක
ආහාර සේවා කර්මාන්තය Food Service Industry
සාමාන්‍ය ආහාර සේවා (ආහාර පාන සකස් කිරීම, පාරිභෝගික සේවය, ගබඩා කළමනාකරණය)
SSW ලෙස ජපානයේ වැඩ කිරීමට සුදුසුකම් ඇති අය, අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය. තවද හොඳ සෞඛ්‍ය තත්වයකින් යුක්ත විය යුතු අතර,
පූර්ව පුහුණුවක් ලබා නොගෙන වහාම වැඩ ආරම්භ කිරීමට හැකිවන සේ කුසලතා සහ ජපන් භාෂා හැකියාව තිබිය යුතුය.
ජපානය මගින් සිදු කරන ඒකාබද්ධ පරීක්ෂණයක් මගින්, කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු කෙරේ.
මේ සඳහා අදාල විභාග සමත් වීම අවශ්‍ය වේ
හෙද රැකවරණය Nursing Care සඳහා
1. ජපන් භාෂා ප්‍රවීණතා මට්ටම- එදිනෙදා ජීවිතයට, රැකියාව ආදිය සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාවය පරීක්ෂණයෙන් සනාථ කෙරේ
JLPT N4 හෝ JFT විභාගය සමත් විය යුතුය
http://ac.prometric-jp.com/testlist/jfe/index.html
2.Nursing care skills evaluation test and Nursing care Japanese language evaluation test
http://ac.prometric-jp.com/testlist/nc/index.html
ආහාර සේවා කර්මාන්තය Food Service Industry
1. ජපන් භාෂා ප්‍රවීණතා මට්ටම- එදිනෙදා ජීවිතයට, රැකියාව ආදිය සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාවය පරීක්ෂණයෙන් සනාථ කෙරේ
JLPT N4 හෝ JFT විභාගය සමත් විය යුතුය
http://ac.prometric-jp.com/testlist/jfe/index.html
2. The Food Service Industry Skills Proficiency Test
http://ac.prometric-jp.com/testlist/food_service/index.html
මුලින්ම ඉහත විභාග සමත් විය යුතුය.
එම විභාග සමත් වීමෙන් පසු ඔබට කෙලින්ම හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා මෙම රැකියා අවස්ථා ලබා ගත හැක.
අප ආයතනයට ජපානයෙහි Specified Skilled Worker (SSW) in Nursing Care (හෙද සත්කාර) අංශය සඳහා එක් දහස් දෙසිය අසූ දෙනෙකුට (1280) අවුරුදු පහක කාලයකට ත්,
SPECIFIED SKILLED WORKER (SSW) - Food Service Industry (ආහාර සේවා කර්මාන්ත) අංශය සඳහා හයසිය පනස් දෙනෙකුට (650) අවුරුදු පහක කාලයකට ත්,
IT ENGINEER (AI Development Engineer, Java Development Engineer, Back-End Engineer, Front-End Engineer, Smart Phone Application Engineer)
අංශය සඳහා එකසිය විසි (120) දෙනෙකුට අවුරුදු පහක කාලයකට ත් රැකියා වරම් ලැබි ඇත. ලංකාවට විදේශ විදේශ විනිමය ලබා ගැනීම සඳහා අප ආයතනය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා ප්‍රමිතිගත නිවරදි පුහුණු කිරීම් සිදුකරනු ලබයි.
මෙම පුහුණු කිරීම් ලංකාවේ ඒ ඒ අංශ ප්‍රවීණත්වය ලැබූ ලැබූ කීර්තිමත් ගුරු මඩුල්ල මගින් මෙහෙවනු ලබයි.
මහාචාර්ය ආශු මාරසිංහ
සභාපති / කළමණාකාර අධ්‍යක්ෂක
GLOBAL SKILLS DEVELOPMENT ACADEMY (GSDA)
No. 51 Narahenpita Road.
Nawala
Call us for more information 0768525525