ලෝක සෞඛ්‍ය සංවිධාන ආරංචි මාර්ග අනුව ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පසුගිය සතියේ 21% කින් පහල බැස ඇති බව වාර්තා වෙයි.එක පෙළට මෙලෙස covid ආසාදිතයන් ගණන සහ ඒ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පහළ බසින ලද තුන්වන සතිය මෙය වෙයි.
WHO තවදුරටත් පවසන ආකාරයට ලෝ පුරා රටවල් වල මේ මොහොත වන විට එහි වැසියන්ට ලබා දෙන දුෂ්ට මාත්‍රාව හේතුවෙන් ඔමික්‍රෝන් වැනි ඉතා ඉක්මනින් පැතිර යන ප්‍රභේදයක් හමුවේ මෙම ප්‍රතිඵල ලැබී ඇති බවයි.එහෙත් ඔවුන් පවසන්නේ මේ ආකාර එන්නතකින් කෙතරම් කාලයක් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ශරීරය තුළ රඳවා තබා ගන්නේ දැයි තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවයි.