සංචාරකයන් සඳහා  සීමා තවත් ලිහිල් කිරීමට  EU තීරණය කරයි


covid ආසාදනය වී මේ වන විට සුව වී සිටින  සහ  සියලුම කොවිඩ් එන්නත් සම්පූර්ණ කළ සංචාරකයන්ට පනවා ඇති

.

covid ආසාදනය වී මේ වන විට සුව වී සිටින  සහ  සියලුම කොවිඩ් එන්නත් සම්පූර්ණ කළ සංචාරකයන්ට පනවා ඇති සංචාරක සීමා තවදුරටත්  ලිහිල් කිරීමට  යුරෝපානු සංගමයේ සාමාජික රටවල් පසුගිය අඟහරුවාදා එකඟතාවයකට පැමිණ ඇත.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ලද හෝ යුරෝපා සංගමයෙන් අනුමැතිය  ලද  එන්නත් ලබා ගත් සියලුම සංචාරකයන් සඳහා මෙතෙක් පැවති covid පරීක්ෂණ සිදු කිරීම හා නිරෝධායනය වීමේ ක්‍රමවේද එළඹෙන මස සිට ඉවත් කරන්නැයි යුරෝපා සංගමය එහි සාමාජික රාජ්‍යයන්ට උපදෙස් ලබාදී තිබේ.

 

යුරෝපියානු සංගමයෙන් අනුමැතිය ලද එන්නත් අතර Pfizer-BioNTech, Moderna, AstraZeneca, Johnson Johnson and Novavax සමාගම් වලින් නිපදවන ලද එන්නත් අඩංගු වේ.

 

Comments