උතුරු දිග ජපානයේ හොක්කයිඩෝ නගරය තවදුරටත් හිමෙන් වැසීයමින් පවතින බව වාර්තා වේ.
දිගින් දිගටම බල පැවැත්වුණු අඩු පීඩන තත්ත්වය සහ සුළං ප්‍රවාහය මධ්‍යයේ, හිමපතනය ද අධික වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. අද උදෑසන වන විට සෙන්ටිමිටර 123 ක් දක්වා හිමපතනය අධික වී තිබූ අතර, චිටෝස් අන්තර්ජාතික ගුවන්තොටුපළ ද වසා දමා ගුවන් ගමන් නතර කිරීමට පියවර ගෙන තිබුණි. හොක්කයිඩෝ අවට නගර වන ඉශිකාරි, සප්පරෝ සහ් ඉබුරි නගර වලද තත්වය මීට සමාන බවද වාර්තා වේ.