Mt.Ontake පිළිබදව අනතුරු ඇඟවෙයි


Mt.Ontake අවට සිදු වූ ගිනිකඳු කම්පන හේතුවෙන්  මධ්‍යම ජපානයේ පිහිටි  එම කඳු ආශ්‍රිත ප්‍රදේශයට නොයන

.

Mt.Ontake අවට සිදු වූ ගිනිකඳු කම්පන හේතුවෙන්  මධ්‍යම ජපානයේ පිහිටි  එම කඳු ආශ්‍රිත ප්‍රදේශයට නොයන ලෙස  සියලුම ජනතාවට  ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය බදාදා නිවේදනය කර තිබුණි.

 

කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව පසුගිය බදාදා පස්වරු  දෙකත් තුනත් අතර ගිනි කන්ද අවට සුළු කම්පන අසූවක් පමණ වාර්තා වී ඇති අතර Mt.Ontake හි මුදුන මදක් විස්තාරණය වීමට ආසන්න වීමක ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

 

මීට පෙර  2014 සැප්තැම්බර් 27 වන දින සිදු වූ මෙම ගිනිකන්ද පුපුරා යාම හේතුවෙන් ඒ අවට ජීවිත පනස් අටක් අහිමි විණි. එම ඛේදජනක  සිදුවීමෙන් පසු කිසිදු පුද්ගලයකුට විශේෂයෙන් සීත ඍතුවේ දී  එම කන්ද නැගීමට අවසර නොලැබුණ බව එහි පාමුල පිහිටා ඇති Otaki ගම්මානයේ ජනතාව ප්‍රකාශ කර ඇත.

 

 

254 Views

Comments