රුසියානු හැකර් යුද්ධයකුත්?


ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, Hirokazu Matsuno විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ..

.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, Hirokazu Matsuno විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ,යුක්රේන ආක්‍රමණය මධ්‍යයේ රුසියාව විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක කරන්නට යනු ලබන සයිබර් ප්‍රහාරයක අවදානම ගැන බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බවයි.

තව දුරටත් ඔහු අවධාරණය කර සිටියේ, ජපානයේ සියලුම පෞද්ගලික අංශ සහ රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි සහ පද්ධති සියල්ල ආරක්ෂා කර ගැනීමට යුහුසුලුව ක්‍රියාත්මක වන ලෙසයි. මේ වන විටත් යුක්රේනයට අයත් බැංකු හා මූල්‍ය ආයතන කීපයකට රුසියානු සයිබර් ප්‍රහාර ක්‍රියාත්මක වී ඇති බව ඔවුන් තහවුරු කර තිබේ. G7 රාජ්‍යයන් ඇතුළු විශාල රාජ්‍යයන් කීපයක් රුසියාවට විරුද්ධව සම්බාධක පැනවිය යුතු බවට ප්‍රකාශ කර ඇති නිසා, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියානු සයිබර් ප්‍රහාර එම රටවල් වලටත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි බව බුද්ධි අංශ සේවා අනතුරු අඟවා තිබේ.

Comments