ජපාන කැබිනට් මණ්ඩලයේ විශේෂ තීන්දුවක් පරිදි, ඉහළ යන බොරතෙල් මිල පාලනය කර එහි බලපෑම ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාවට එල්ල වීම අවම කිරීම වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබේ.
ඒ අනුව තොග බොරතෙල් විකුණුම්කරුවන්ට බොරතෙල් බැරලයක් සඳහා ලීටරයකට යෙන් 25ක සහනාධාර ලබාදීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය Fumio Kishida ගේ තීරණයකට අනුව, රුසියානු යුක්රේන අර්බුදය නිසා ඉහල ගිය තෙල් මිල ජපන් ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි පාලනය කිරීම වෙනුවෙන් මෙකී පියවර ගෙන තිබේ. ජපාන කර්මාන්ත අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව මෙය අධීක්ෂණය කිරීමට නියමිත බවද වාර්තා වේ.