ජපානයේ පැසිෆික් වෙරළ තීරය දෙසට සුනාමියක්


පසුගිය සෙනසුරාදා දින ටොන්ගා දූපත් ආශ්‍රිතව සිදු වූමුහුද තුළ ගිනි කඳු පුපුරා යාමකින් පසුවඒ අවට සියලුම රාජ්‍ය?

.

පසුගිය සෙනසුරාදා දින ටොන්ගා දූපත් ආශ්‍රිතව සිදු වූමුහුද තුළ ගිනි කඳු පුපුරා යාමකින් පසුවඒ අවට සියලුම රාජ්‍යයන්ට සුනාමියක අනතුරු හඟවා තිබුණි.කෙසේ වෙතත් ඉරිදා උදෑසන වන විට ජපානයේ පැසිෆික්  වෙරළ තීරයට සුනාමි මුහුදු රළ පැමිණ ඇත.සුනාමි අනතුරු ඇඟවීම් සමඟ අවට ප්‍රදේශවාසීන් දෙලක්ෂ දහදාහක් පමණ  ප්‍රදේශවලට යොමු කර තිබුණි.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව 3m පමණ උස සුනාමි රළ ජපානයේ නිරිත දිග පෙදෙස් වලට පැමිණිය හැක.

 

කෙසේ නමුදු ජපානයේ අමා මේ දූපත් වෙතට සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය වන විට  1.2m උස සුනාමි රළ පැමිණ ඇති අතර Iwate ප්‍රදේශය වෙතට මීටර් 1.1 පමණ උස මුහුදු රළ පැමිණ ඇති බව නිරීක්ෂණය කර තිබේ.

 

මේ වන තෙක් කිසිම ආපදාවට ලක් වූවෙක්  වාර්තා වී නැත.

 

Source: japantoday.com

350 Views

Comments