ජපානයත් යුද්ධයට එක්වෙයිද?


ජපාන සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යුක්රේනයට...

.

ජපාන සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට, යුක්රේනයට ආසන්න කළු මුහුදේ දී මිසයිල ප්‍රහාරයකට මුහුණදීමට සිදු වූ බවක් වාර්තා වෙයි. 

වාර්තා වන පරිදි, ජපානයේ Ehime ප්‍රාන්තයේ ඉමබාරි හි පිහිටි නෞකා සමාගමකට අයත් Namura Queen නම් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිකුරාදා දින යුක්රේනය ආසන්න කළු මුහුදේ ගමන් කරමින් සිටින විට මෙම මිසයිල ප්‍රහාරයට ගොදුරු වී තිබේ. මෙම ප්‍රහාරයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ එක් සේවකයකු සුළු තුවාල ලැබූ බව වාර්තා වේ. මිසයිල ප්‍රහාරය එල්ල වූ වහාම නෞකාව තුර්කිය දෙසට හරවා එහිදී නැවේ හානිය ගණනය කල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්‍රේනය සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය රුසියාව විසින් එල්ල කරන ලද්දක් බවත්, යුක්‍රේනයට ආසන්න මුහුදේ ගමන් කරන නෞකා වලට ඔවුන් ප්‍රහාර එල්ල කිරීමට පටන් පටන් ගෙන ඇති බවත් සනාථ වන බව පෙනේ. 

Comments