Koki Tanaka අත්අඩංගුවට


උත්තේජක මත්ද්‍රව්‍යයක්  ළඟ තබාගැනීමේ වරදට ජපානය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වන Koki Tanaka පොලිස් අත්අඩං

.

උත්තේජක මත්ද්‍රව්‍යයක්  ළඟ තබාගැනීමේ වරදට ජපානය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වන Koki Tanaka පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

 

පොලිස් ආරංචි මාර්ග වලට අනුව 36 හැවිරිදි Koki Tanaka පසුගිය බ්‍රහස්පතින්දා දින methamphetamine නම් මත්ද්‍රව්‍ය 0.164g ළඟ තබාගැනීමේ වරදට උත්තේජක පාලක නීතිය කඩ කිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර chiba ප්‍රාන්ත වාසි මෙම ගායකයා ඔහු මේ පිළිබඳව කිසිත් නොදන්නා බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

 

පොලීසිය තවදුරටත් පවසා ඇත්තේ නගෝයා ප්‍රාන්තයේ ව්‍යාපාරික හෝටලයක් තුළ ඔහුට අයත් කාමරය තුළ දී පසුගිය ජනවාරි තිස් වන දා සවස් වරුවේ මෙම ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගත් බවයි. කෙසේ වෙතත් ඒ වන විට Koki Tanaka ප්‍රසංගයක් සඳහා හෝටලයෙන් බැහැරව ගොස් සිට ඇත.

Comments