ජපාන තෙල් දිගටම යුරෝපයට...


රුසියාව විසින් යුරෝපයට සපයන ලද බොරතෙල් ප්‍රමාණය නවතාලීමත්...

.

රුසියාව විසින් යුරෝපයට සපයන ලද බොරතෙල් ප්‍රමාණය නවතාලීමත් සමග ජපානය විසින් යුරෝපා මහද්වීපයට බොර තෙල් සැපයීම ආරම්භ කරන ලදී.

එම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑමට, ජපානය  මේ වන විට යුරෝපියානු කොමිසම සමඟ එකඟ වී තිබේ. ජපානයට අවශ්‍ය ප්‍රමාණය රැස් කරගත් පසු ඉතිරි සියලුම බොරතෙල් ප්‍රමාණය  යුරෝපයට අපනයනය කිරීමට ජපානය මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. මේ වන විට, එළැඹෙන අප්‍රේල් මාසය තෙක් අවශ්‍ය බොරතෙල් ජපානය විසින් යුරෝපයට සපයන්නට ගිවිසුම් ගතව තිබේ. යුරෝපියානු තෙල් වෙළඳපළේ 40%ක හිමිකාරීත්වය දැරූ රුසියාව, යුක්‍රේන ආක්‍රමණයත් සමඟම යුරෝපයට සපයන ලද බොර තෙල් පසුගියදා නතර කරන ලදී.

179 Views

Comments