ජපාන ඇමරිකානු ගෘහ නිර්මාණ එක්වූ "යොනබරු" පල්ලිය...


ඔකිනාවා ප්‍රාන්තයේ යොනබරු හි පිහිටි, යොනබරු කතෝලික දේවස්ථානය...

.

ඔකිනාවා ප්‍රාන්තයේ යොනබරු හි පිහිටි, යොනබරු කතෝලික දේවස්ථානය, දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිර්මාණය කරන ලද ඇමරිකානු සහ ජපාන මිශ්‍ර ගෘහ නිර්මාණ ශිල්පයක් දක්නට ලැබෙන අලංකාර ස්ථානයකි.

 

දෙස් විදෙස් සංචාරකයින් නිරන්තරව පැමිණෙන මෙය, යොනබරු හි කුඩා කඳු ගැටයක මනරම් භූමියක පිහිටා ඇත. වර්ෂ 1958 දී ඇමරිකාවේ සිට පැමිණි Felix Ley පියතුමා විසින් ආරම්භ කරන ලද මෙය, ඇමරිකාවේ හමුදාවන්ගේ ලැබුණු ආධාර මත, ඇමරිකානු සම්භවයක් සහිත සුප්‍රසිද්ධ ජපාන ගෘහ නිර්මාණ ශිල්පී Ken Kataoka විසින් නිර්මාණය කරන ලද්දකි. වර්ථමානයේදී කතෝලික පියතුමන් සහ සහෝදරියන් පනහකට ආසන්න පිරිසකට නවාතැන සපයන මෙම සිද්ධස්ථානය, ජපාන මෙන්ම ඇමරිකානු මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අධ්‍යයනය කළ හැකි කදිම තෝතැන්නකි.

Comments