ගිනි තැබීමකට සැක පිට 19හැවිරිදි යෞවනයෙකු අත්අඩංගුවට


පසුගිය නොවැම්බර් මාසයේදී එක්තරා සමාගමක තොග ගබඩාවක සම්පූර්ණ අර්ධයක් විනාශ වෙන පරිදි ගින්නක් ඇති කළ 19 හැවිරිද??

.

පසුගිය නොවැම්බර් මාසයේදී එක්තරා සමාගමක තොග ගබඩාවක සම්පූර්ණ අර්ධයක් විනාශ වෙන පරිදි ගින්නක් ඇති කළ 19 හැවිරිදි යෞවනයෙකු Osaka පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නම සඳහන් කළ නොහැකි මෙම පුද්ගලයා විසින් සිතාමතාම ගිනි තබා ඇත්තේ බටහිර ජපානයේ පිහිටි Hitachi Transport System ගොඩනැගිල්ලටය. එය මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ලක් වන අතර  ගිනි ගැනීම හේතුවෙන් එහි වර්ග අඩි 38000ක පමණ වපසරියක් විනාශ වී ඇත.

 

ගිනිනිවීමේ භටයන්ට  සම්පූර්ණ  ගින්න නිවා දැමීමට දින 5ක කාලයක් ගත වී ඇති අතර  ගින්න  පටන් ගන්නා මොහොත වන විටත් අදාල   ආයතනය තුළ 130ක පමණ පිරිසක් සේවයේ නිරතව ඇත.එහෙත් කිසිවෙකුටත් තුවාල සිදු වීමක් පිළිබඳව වාර්තා වී නැත . නමුදු සමාගම සතු ආහාර සහ ඖෂධ නිෂ්පාදන බොහොමයක් විනාශ වී ඇති බව වාර්තා වේ .

 

Source : japantoday.com

Comments