ජපාන ඔන්ලයින් ව්‍යාපාරිකයන් සුරැකීමට නව සංවිධානයක්...


ජපානය පුරා ව්‍යාප්ත වී සිටින ඔන්ලයින් ක්‍රමයට විවිධ ව්‍යවසායන් වල..

.

ජපානය පුරා ව්‍යාප්ත වී සිටින ඔන්ලයින් ක්‍රමයට විවිධ ව්‍යවසායන් වල යෙදී සිටින සේවායෝජකයින් සුරැකීමේ  සංවිධානයක් ආරම්භ කිරීමට, ජපාන මෘදුකාංග යෙදවුම් නිර්මාණය කරන සමාගමක් වන Line Corp මුල පුරා ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔන්ලයින් සේවායෝජකයින් ගේ ප්‍රමාණය ඉතා ඉහළ ගොස් ඇති අතර, මේ හේතුව නිසා සාමාන්‍යයෙන් ඔන්ලයින් ව්‍යාපාරවල නිරත වී සිටී සේවායෝජකයින්ට යම් යම් අභියෝගාත්මක වටපිටාවක් නිර්මාණය වී තිබේ. මෙකී සේවායෝජකයින් ස්වයං රැකියා හිමිකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති නිසා ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ වගකීමක් ඇති බව මෙම සංවිධානය පවසයි. Line Corp සමඟ මෙම වැඩ කටයුත්තට Tsunagu Group Holdings Inc., Sharefull Inc., HR Solutions Corp. සහ Wakrak Inc යන සමාගම් ද එක් වී තිබේ.

129 Views

Comments