ඉතා සීඝ්රයෙන් පැතිර ගිය ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් විදේශවල සිට ජපානයට සංක්‍රමණය වන පුද්ගලයන් පසුගිය කාලය පුරාවට තහනම් කර තිබිණ
කෙසේ නමුත් මේ වන විට ජපානයේ omicron වෛරසය පැතිරීම තරමක් දුරට පාලනය කර ඇති හෙයින් පසුගියදා ජපන් රජය විසින් විදේශිකයන් කමක් ක්‍රමයෙන් ජපානයේ තුලට ඇතුල් කර ගැනීමට වැඩපිළිවෙළක් දියත් කරන ලදී.
විදේශීය සිසුන් සහ ශ්‍රමිකයන් නොමැතිව අඩපණ වී තිබූ පාසල් සහ බොහෝ ආයතන දැන් ඔවුන් පිළිගැනීමටත් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගනිමින් ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමටත් කටයුතු සූදානම් කරමින් ඇති බව ජපාන ආරංචි මාර්ග පවසයි.