වකුගඩු කියන්නේ අපේ ශරීරයේ ඉතා විශාල මෙහෙයක් කරන ඉන්ද්‍රියක්. රුධිර පීඩනය පාලනය කිරීම, අතිරික්ත ජලය ඉවත් කිරීම, රතු රුධිර සෛල නිපදවීම, අභ්‍යන්තර අවයවවල විෂබීජ ඉවත් කිරීම ආදී කාර්යබාර්යන් රැසක් සිදු කරනවා. නමුත් වර්තමානය වෙද්දි ලාංකීය ජනතාවගේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ වකුගඩු රෝගය. උතුරු මැද පලාතේ බහුල වුණත් ලංකාවේ අනෙකුත් සෑම ප්රදේශයකින්ම වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ඉතින් වකුගඩු නරක් වී ඇති බව දැනගන්නට ලැබෙන්නේ වකුගඩු 80% ක් නරක් වුණාට පස්සේ. ඒ නිසාම වකුගඩු රෝගය කියන්නේ සුව කරන්නට පහසු රෝගයක් නොවන වග සිතට යුතුයි. ඒ නිසා අපිට මේ වකුගඩු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නට කළ හැකි දේ මොනවාද කියලා විමසා බලමු.
1. අධික ලුණු සහ සීනි පරිභෝජනය
2. අධික සීනි හේතුවෙන් ඇතිවන තරබාරුව සහ දියවැඩියාව පාලනය නොකිරීම
3. සෝඩා හා කෝලා වර්ග නිතර පානයට ගැනීම
4. ටින් කල ආහාර නිරන්තර භාවිතය
5.අධිකව මස් වර්ග ආහාරයට ගැනීම
6. දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
7. මුත්‍ර වේග දරා සිටීම
8. ප්‍රමාණවත්තරම් නින්දක් නොලැබීම
9. වැඩි වේලාවක් එකතැන වාඩිවී සිටීම
10. නිතර වේදනා නාශක ගැනීම
ඉහත සඳහන් කළ හේතු වලින් වැළකී සිටීමට හැකි නම් අප සියලු දෙනාටම පාහේ ජීවිත කාලය පුරාවට වකුගඩු ආරක්ෂා කරගනිමින් ජීවත් විය හැක.