සුප්‍රසිද්ධ ඛනිජ තෙල් නිෂ්පාදන සමාගමක් වන Shell සමාගම රුසියාව තුළ ආරම්භ කළ සිය නවතම ඛනිජ තෙල් ව්‍යාපෘතිය නතර කිරීමට හා රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මෙම ක්‍රියාවලිය සඳහා සහය දැක්වීමට ප්‍රධාන ජපාන වෙළෙඳ සමාගම් දෙකක් වන Mitsui Co. සහ Mitsubishi Corp ඉදිරිපත් වී ඇති බවත්, ඒ සඳහා වන ශක්‍යතා වාර්තා ඇතුළු අනෙකුත් උපදෙස් ජපාන රජය වෙතින් ඔවුන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ. යුක්රේන ආක්‍රමණය නිසා රුසියාවට යොදන ලද සම්බාධක වල දිගුවක් ලෙස Shell ආයතනය රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. රුසියාවට අයත් සඛාලින් දූපත තුල සිදු කරන්නට සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය, රුසියාවේ ප්‍රධානතම ඛනිජතෙල් ආයතනයක් වන Gazprom සමඟ සිදු කරන්නට පෙරදී සැලසුම් ගතව තිබිණි.