ජපාන ජනතාව වෙනුවෙන් ජපාන රජය විසින්, යුක්රේනය වෙත ජපාන යෙන් බිලියන 2ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 17ක් පරිත්‍යාග ලෙස ලබා දෙන ලදි.
ජපානයේ යුක්රේන තානාපති, Sergiy Korsunsky මහතා වෙත මේ ආධාර මුදල ලබා දෙන ලද්දේ, ජපාන ප්‍රධාන විපක්ෂයේ ප්‍රධානී, Kenta Izumi මහතා විසිනි. රුසියානු ආක්‍රමණය හමුවේ අසීරු තත්වයක පසුවන යුක්රේන ජනතාවගේ සුබසාධක කටයුතු වෙනුවෙන් මෙම මූල්‍ය පරිත්‍යාගය ලබා දී ඇති බව ජපාන රජය පවසා තිබේ.