ජපානයේ දී මියගිය ශ්‍රී ලාංකික රැඳවියාගෙ  ඥාතීන් නඩුමගට


මධ්‍යම ජපානයේ ආගමන විගමන මධ්‍යස්ථානයක රඳවා තබා සිටින අතරතුර මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ ඥාතීන් එම රජයට ව??

.

මධ්‍යම ජපානයේ ආගමන විගමන මධ්‍යස්ථානයක රඳවා තබා සිටින අතරතුර මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ ඥාතීන් එම රජයට විරුද්ධව නඩු මගට පිවිසීමට සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි .

 

එළඹෙන සිකුරාදා දින නගෝයා දිස්ත්‍රික් උසාවි පරිශ්‍රයේදී රත්නායක ලියනගේ විශ්මා සදමාලි නම් එම තිස්තුන් හැවිරිදි කාන්තාව ඇයට අවශ්‍ය වෛද්‍යාධාර නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් මියගිය බව පවසමින් නගෝයා ප්‍රාදේශීය ආගමන විගමන කාර්යාලයේ උසස් නිලධාරීන්ට එරෙහිව පසුගිය නොවැම්බර් මස ඇයගේ ඥාතීන් විසින් ගොනු කෙරුණු නඩුව විභාගයට ගැනීමට නියමිතය.

 

අදාළ කාන්තාව 2017 වර්ෂයේ ශිෂ්‍ය වීසා ලබමින් ජපානයට පැමිණ ඇති අතර 2020 දී ඇය වීසා රහිතව ජපානයේ රැඳී සිටීම හේතුවෙන් ආගමන විගමන කාර්යාලය යටතට ගනු ලැබ ඇත. එහිදී ඇය මාසයක කාලයක් සිට ඇයට පවතින උදර වේදනාවක් පිළිබඳව අදාළ නිලධාරීන්ට දන්වා තිබූ අතර ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මාර්තු 6 වෙනිදා ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 

Comments