බටහිර ජපානයේ ඔයිටා ප්රාන්තයේ ඔයිටා ප්රධාන දුම්රියපොළේ 3 සහ 4 දුම්රිය වේදිකා අතර ඇති දුම්බීම සඳහා වෙන්කර ඇති ප්රදේශය තුළ, වීදුරු කාමරයක් තුල තබා ඇති යක්ෂ ස්වරූපයක් ගත් කලා නිර්මාණයක් එහි යන එන මගීන්ගේ ආකර්ෂණය දිනා ගෙන තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරයාගේ අදහසක් අනුව නිර්මාණය කෙරුණු මෙය, කොවිඩ් වසංගත තත්වය පැතිර යාම නිසා දුම්බොන කලාප සියල්ල වසා දැමීමේ රජයේ තීන්දුවත් සමඟ හිස්වූ දුම්බොන කාමරය නිසා නිර්මාණය වූවකි. මෙම නිර්මාණයත් සමඟ ම ජපානය පුරා දුම්බොන කාමර නව කලාගාර ලෙසට පරිවර්තනය වන තත්වයක් ආරම්භ වී තිබීම විශේෂත්වයකි.