ඇමරිකානු ආරංචි මාර්ග වලට අනුව චීනය විසින් මෑතකදී ගුවන් ගමන් වාර 12 කට වඩා වැඩි සංඛ්‍යාවක් හා ඉදිරියට නියමිත ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරිමට ඔවුන්ට බල කර ඇත. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හැකිතාක් තවත් දුබල කිරීමේ අරමුණින් දැඩි සංචාරණ සීමා පැනවීම හේතුකොටගෙන මෙය සිදුකර ඇත.
ක්ෂේත්‍ර නිලධාරීන්ට අනුව චීනය මෙම දැඩි තීරණයට එළැඹ ඇත්තේ පසුගිය දෙසැම්බරයේදී චීනයට පැමිණ සංක්‍රමණිකයන් අතර කොරෝනා ආසාදිත මගීන් හමු වීම හේතුවෙනි.
මෙලෙස ගුවන් ගමන් වාර අවලංගු කිරිම දෙරට අතර කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් ගමන් පිළිබඳ ව පැනවුණු නීති පද්ධතිය සම්බන්ධයෙන් මතු වූ අර්බුදයේ නවතම ප්රවණතාවයකි.
Source : japantoday .com