තම භූමියේ දී මරණ සිදු කරන ඕනෑම රුසියානු සෙබලෙකු හඹා ගොස් මරණයට පත් කෙරෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
රුසියාව හා යුක්රේනය අතර යුද ගැටුම් හමාර කිරීමේ බලාපොරොත්තුවෙන් දෙරට අතර සාම සාකච්ඡා තුන්වන වටයටත් අද දින( මාර්තු 07 වන දා) පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ නිශ්චිත නිවේදනයක් සිදු කර නොමැත.