ජපානය අසමපාත වෙයි?


ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජපානයේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද...

.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජපානයේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමාජ සමීක්ෂණයකදී හෙලිවූයේ, ජපානය තුල ස්ත්‍රී පුරුෂ අනුපාතය අසමපාත බවයි.

ජපානයේ සමස්ත ප්‍රාන්ත 47 ම නියෝජනය වන පරිදි සිදුකළ මෙම පර්යේෂණයේදී අධ්‍යාපන, දේශපාලන, ආර්ථික සහ පරිපාලන යන අංශ 28කට අදාළව ස්ත්‍රී පුරුෂ අනුපාතය ගණනය කරන ලද අතර, එකී සෑම අංශයක් තුළම ඒ අනුපාතය අසමබර බව හෙළි කර ගන්නා ලදී. අගනුවර වන ටෝකියෝ හි දේශපාලන අංශ තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමක තිබෙන නමුත්, අනෙකුත් අංශ තුල ඉතා පහළ අගයක පවතින නිසා ටෝකියෝ තුල පවා මෙම අසමපාත බව පවතින බව හෙලිකරගෙන තිබේ.

131 Views

Comments