ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනාධිපති අතර සාකච්ඡා කල් යයි


ජපානය සහ ඇමරිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ද්විපාර්ෂික සාකච්ඡා..

.

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ ඇමරිකානු ජනාධිපති Joe Biden අතර පැවැත්වීමට නියමිතව තිබූ ද්විපාර්ෂික සාකච්ඡා පවතින ඔමික්‍රොන්  පැතිර යාම හමුවේ කල් දැමීමට සිදුවී තිබේ. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.

සජීවී හමුවීමක් සඳහා දෙරටේම නායකයින් උත්සාහ කළ අතර දෙරටේම වසංගත තත්ත්වය උත්සන්න වී ඇති නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. ගෝලීය ආර්ථික අර්බුදය සහ ලෝක ආරක්ෂාව වෙනුවෙන් දෙරටේ  භූමිකා මෙම සාකච්ඡාවේදී අවධාරණයට ගැනීමට නියමිතයි.

Comments