මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා අවප්‍රමාණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය ගනුදෙනු වලදී අමෙරිකානු ඩොලරයක් රු. 230 ක් ලෙස සිදුවන බවයි.
බාහිර හේතුවල බරපතළකම සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.