ජපාන තානාපතිතුමන් මිනාතෝ නගරයේ පිහිටා ඇති වසර 150ක් පමණ පැරණි මිතා ප්‍රාථමික පාසල වෙත ගොස් එහි විදුහල්පතිතුමා ප්රමුඛ ගුරු මණ්ඩලය සහ ප්‍රාථමික පාසලේ දරු දැරියන් පසුගියදා හමුවිණි. මෙම ප්‍රාථමික පාසල තුළ මෙහෙයුම් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලාංකික අංශයක් ඇති අතර එය මුල්කොට ගනිමින් එම පාසලෙහි දරු දැරියන් තානාපති කාර්යාලයේ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක නිරතවීමටද නියමිත බව පාසල් අධිකාරිය විසින් දන්වා ඇත.