කළු පිටසක්වලයෙකු' ලෙස පෙනී සිටීමට සිහින මවන තරුණයා!


ජීවත්වෙන කාලය තුල විවිධ පුද්ගලයින් හට විවිධ ආකාරයේ ආශාවන් ඇතිවෙනවා. සමහර අය ඒ ආසාවන් පසුපස හබාගෙන ගිහින් ඒවා ?

.

ජීවත්වෙන කාලය තුල විවිධ පුද්ගලයින් හට විවිධ ආකාරයේ ආශාවන් ඇතිවෙනවා. සමහර අය ඒ ආසාවන් පසුපස හබාගෙන ගිහින් ඒවා සාක්සාත් කරගන්නවා. තමන්ට තිබුණු ඒ වගේ ආසාවක් සැබෑ ජීවිතයේදී ඉටුකරගත් මිනිසෙක් ගැන කියවෙන අළුත්ම ආරංචියක් තමයි මේ.  

32 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු වන 'ඇන්තනි ලොෆ්‍රෙඩෝ' තමන්ගේ නාසය සහ කන් පෙති කපා ඉවත්කර ඔහුගේ දිව දෙකට වෙන් කරගෙන අවසානයේ උඩුතොලේද යම් ප්‍රමාණයක් ඉවත් කරගෙන වර්ථමානයේ ජීවත්වෙන සැබෑ 'කළු පිටසක්වල ජීවියෙකු' බවට තම පෙනුම පරිවර්තනය කරගෙන තිබෙනවා. 

ඇන්තනි ලොෆ්‍රෙඩෝගේ එකම ආසාව වී තිබුණේ තමන් සැබෑ ජීවිතයේ පිටසක්වල ජීවියෙකු ලෙස සමාජයේ පෙනී සිටීමයි. ඒ සඳහා ඔහු ඔහුගේ මුළු සිරුරම කළු පාටින් පච්ච කොටාගෙන සහ ශරීරයේ විවිධ ස්ථානයන් සිදුරු කරගැනීමට අමතරව සමහර අවයවයන් කපා ඉවත් කරගෙන තම එකම ආශාව මෙසේ සංසිඳවාගෙන තවමත් ජීවත් වෙනවා. මෙක්සිකෝවේ සැත්කමක් අතරතුර ඔහුගේ ඇඟිලි දෙක කපා දමා ඇත.  

ලොෆ්‍රෙඩෝ ශල්‍යකර්ම ගණනාවකට මුහුණ දුන්නද ඔහු හෙළි කළේ ඔහු තවමත් 'කළු පිටසක්වලයෙකු' වීමේ ඉලක්කය කරා යන ගමනේ 'සියයට 34' බවයි.

 

#Copied

 

124 Views

Comments