සුළු කොරෝනා තත්ත්වයක් වුවද  මොළයට බලපෑ හැක


එක්සත්  රාජධානියේ පර්යේෂකයන් පිරිසක් විසින් සුළු කොරෝනා  තත්ත්වයකින් වුවද මිනිස් ශරීරයට හා මොළයට සිදුවිය හ??

.

එක්සත්  රාජධානියේ පර්යේෂකයන් පිරිසක් විසින් සුළු කොරෝනා  තත්ත්වයකින් වුවද මිනිස් ශරීරයට හා මොළයට සිදුවිය හැකි බලපෑම් ගැන සිදු කළ පර්යේෂණයක වාර්තාවක් පසුගියදා එළි දැක් වී තිබිණි.එයට අනුව බොහෝ විට වයස අවුරුදු පනස් එකත් අසූ එකත් අතර පුද්ගලයන්ට මෙම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ මොළයට හා එහි ස්නායු පද්ධතියට යම්තාක් බලපෑමක් ඇතිවිය හැකි බව සොයාගෙන ඇත.

 

මෙම බලපෑම  මාස තුන හතරක් වැනි තාවකාලික කාලයක් හෝ ඊටත් වඩා දීර්ඝ කාලීනව වුවද බලපෑ හැකි බවත් මෙම පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

 

කොරෝනා ආසාදනය වූ වයස්  ප්‍රමාණය අනුව මෙම තත්ත්වය එකිනෙකාට වෙනස් ආකාර වලට බලපෑ හැකි බවත් මෙම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ .

129 Views

Comments