ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු අවස්ථා


ජපානයේ තාක්ෂණික  සීමාවාසික පුහුණුව සඳහා  මෙම වසර තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහදාහකට අවස්ථාව ලබාදීමට බ?

.

ජපානයේ තාක්ෂණික  සීමාවාසික පුහුණුව සඳහා  මෙම වසර තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහදාහකට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවර්ධන හා වෙළඳපල      විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කර තිබේ .

 

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව හමාර කර  ලංකාවට පැමිණි පුද්ගලයන් තිදෙනකුට  ආයෝජන දිරි දීමනා ලබා දීමේ වැඩසටහනක දී ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.මෙහිදී  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජපානයේ සීමාවාසික පුහුණුව සඳහා යාමට අදහස් කරන්නේ නම් ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු සිදුකර ගන්නා ලෙසත්  වෙනත් මාර්ගවලින් ජපානයට පිවිසීමටත් ජපානය තුළ දී එම පුහුණුව ලබා දෙන ආයතන වලින් ඉවත්ව ජපානයේ වෙන ප්‍රදේශවලට පලා යාමට උත්සාහ නොකරන ලෙසත්ය. ඒ හරහා අනාගතයේදී මෙම අවස්ථාවන් වැඩිපුර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි අවස්ථාව මඟ හැරී යා හැකි බව ඔහු අවධාරණය කොට ප්‍රකාශ කර තිබුණි.

 

 

Comments