ටෝකියෝ හි උසස් පාසලක නවාතැන් කාමරයක් තුලදී සියදිවි නසාගත් වයස අවුරුදු 17ක පාසල් සිසුවියකගේ කාමරයේ තිබී හමුවූ ලිපියක සදහන් වූයේ, "මගේ අම්මාගේ මරණයට වගකිවයුත්තා මමයි, මම පුරුදු පාරෙන්ම ආවානම් එදාත්, අම්මාගේ ජීවිතය බේරන්නට තිබුණා" ලෙසයි.
2011 වසරේදී ජපානයට එල්ලවූ 9.0 ක දරුණු භූමි කම්පාව සහ සුනාමි ව්‍යසනයෙන් ඇයගේ මව සහ කුඩා සොහොයුරිය ජීවිතක්ෂයට පත්වී තිබුණි. එදින ඇය පාසල නිම වී නැවත නිවසට පැමිණ තිබූ අතර, අසල්වාසීන් විසින් ඇයට පවසා තිබුනේ එහි සිටීම අනතුරුදායක බවත්, ඉක්මනින් ඉන් පිටවී යන ලෙසත්ය. ඒ අනුව සිය පාසල් බෑගය නිවසේ තබා නැවතත් පාසලට යෑමට පිටත් වූ ඇය, එහි ලගාවන අතරතුර, ඇයගේ මව සහ පිරිමි සොහොයුරා ඇය සොයා නිවසට පැමිණ තිබෙන අතර එහිදී ඔවුන් සුනාමි රල පහරට හසුව තිබේ. මින් පිරිමි සොහොයුරා දිවි ගලවාගත් අතර, සයමස් ගැබිනියක්ව සිටි මව ජීවිතක්ෂයට පත්විය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම ජීවිත් වී ඇත්තේ සිය මවගේ දෙවන ස්වාමියා සමග වන අතර, ඔහුගේ ඊළඟ විවාහයේ බිරිඳ නිසා ඔවුන් දෙදෙනා ඉතා කටුක සහ අමිහිරි ජීවිතයක් ගෙවා තිබේ. ඇයගේ සමීප යෙහෙළියන් පවසන පරිදි ඇය දිගින් දිගටම සිය මවගේ මරණයට තමන් වගකිවයුතු බව සිතා දුක්වී තිබේ. එනමුත් ඇය කිසිවිටෙකත් මේ පිළිබඳව සිය සොහොයුරා සමහ පවසා නැති බව සොහොයුරා විසින් කඳුළු පිරි දෙනෙතින් යුතුව හෙලි කර තිබේ. මේ හරහා ගොඩනැඟුණු මානසික පීඩනය නිසා ඇය සියදිවි නසාගත් බව මූලික පර්යේෂණ වලදී සනාථ විය.