පසුගිය වර්ෂයේ ජපානයේ Serendix සමාගම විසින් ගෝලාකාර ත්‍රිමාන අඩු පිරිවැය නිවාසයක් පිළිබඳව ජපාන වැසියන් ට බලාපොරොත්තු ලබාදී තිබුණි. මෙම වර්ෂයේ ම බලාපොරොත්තුව සඵල කරමින් පැය 24 ක ටත් අඩු කාලයකදී සාදා නිම කර ගත හැකි මේ ආකාරයේ නිවස එළි දක්වා තිබේ.
විශේෂයෙන්ම ජපානය නිරන්තරයෙන් මුහුණ දෙන භූමිකම්පා වලට මේ වඩාත් ඔරොත්තු දෙන ලෙස සකසා ඇති බව ද එම තාක්ෂණික කාර්ය මණ්ඩලය නිවේදනය කර තිබේ.