Kohler Numi 2.0 ස්මාර්ට් වැසිකිළිය


අරාබියේ අබ්දුල්ලා රජතුමා තමන්ගෙ දුවගෙ දෑවැද්දට රත්‍රං වැසිකිළියක් දුන්නාට, ඊටත් වඩා අපිට වටින්නේ ස්මාර්ට් ??

.

අරාබියේ අබ්දුල්ලා රජතුමා තමන්ගෙ දුවගෙ දෑවැද්දට රත්‍රං වැසිකිළියක් දුන්නාට, ඊටත් වඩා අපිට වටින්නේ ස්මාර්ට් වැසිකිළියක්. රත්‍රං මත පක්ෂාත්භාගය තියනවාට වඩා වැඩි වැඩ කොටසක් එවැන්නකින් කරගන්නට පුළුවන්. මේ Numi වැසිකිළිය සතු ව Speaker තිබෙනවා. ඒ වගේ ම mood එකට ගැලපෙන්න ලයිට් තිබෙනවා. ඉතින් කාරිය කෙරෙනතුරු කාටත් සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. ශක්‍රයාගේ පඬුපුල් ආසනය මෙන් ටොයිලට් සීට් එක රත් වන නිසා එහි ඇතිවන සීතල බව මැකෙනවා. උණු වතුරෙන් පවිත්‍ර කිරීම්, ජලය වියළීම, ස්වයංක්‍රීය ව පියන ඇරීම, හා flush වීම් ආදී විශේෂාංග මෙන්ම Alexa හරහා කටහඬ භාවිතයෙන් විධාන දෙන්නට පුළුවන්. ඒ කියන්නේ, උදේට දවසේ කාලගුණය සහ ප්‍රවෘත්ති පවා අහගෙන කර්තව්‍යයේ නියැලෙන්නට පුළුවන්. ඉතින්, රත්‍රංවලට වඩා මෙහෙම එකක් වටින්නේ නැද්ද?

129 Views

Comments