Apple මූල්‍යමය තොරතුරු සහ පර්යේෂණ සමාගම් දෙකක තොරතුරු අනුව Apple චීන සහ ගෝලීය වෙළෙඳ පළේ අංක එකේ smart ස්මාර්ට් ජංගම දුරකතනය ලෙස නැවතත් තම අණසක පතුරුවා ඇත. මේ පර්යේෂණවලින් තවදුරටත් තහවුරු වී ඇති පරිදි පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස වල දී Apple ජංගම දුරකථන චීන වෙළෙඳපොළ තුළ මෙතෙක් ලැබූ ඉහළම කොටස් ප්‍රමාණය ළඟා කරගෙන ඇත. වසර හයකට පසුව චීන වෙළෙඳ පොළේ ඇපල් ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රමුඛතාවය ලබා ගත් පළමු අවස්ථාව මෙය වෙයි.
Apple වෙළෙඳ පොළ ඉහළ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ iphone 13 හඳුන්වාදීමෙන් පසුව බවත් එම අත්පත් කර ගැනීමෙන් පසුව ගෝලීය වෙළෙඳපොළ තුළ Samsung හා Huawei අලෙවිය පහත බැස ඇති බව වාර්තා වේ.