පසුගිය ජූලි මාසයේ ගිනිගෙන දැවෙන නිවසකින් තියෙන්නෙ ලක්ෂ දෙකක් සොරාගත් 22 හැවිරිදි ගිනිනිවන භටයෙකු osaka ප්රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Fuya Nagashima නම් වූ මෙම පුද්ගලයා මෙම ප්රාන්තයේ පිහිටි දෙමහල් නිවසක ඇතිවූ ගින්නක් නිවීමට පැමිණි ගිනි නිවන හමුදා භටකණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. ගින්න නිවීමෙන් පසු ඔහු විසින් දෙවැනි මහලේ තිබූ කාමරයක තිබී ලියුම් කවරයක බහා තිබූ ලක්ෂ දෙකක මුදලක් සොරාගෙන ඇත.
නිවැසියන්ට ඇතිවූ ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර තමන් සුදු කෙලියේ යෙදී ඇති කර ගත් ණය ගනුදෙනු පියවීමට මුදල භාවිතා කල බව අදාළ ගිනි නිවන භටයා පිළිගෙන ඇත.