වසර පහකින් ඩොලරය යෙන් 117 වැනි ඉහළ අගයකට මේ වන විට ළඟාවී ඇත. ජපානයේ කොටස් හුවමාරුව 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත හෙළමින් ජපානයේ උද්ධමනය ද ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක මෙසේ ඩොලරයේ අගයද වසර පහකින් ළඟා විය හැකි ඉහළම අගයකට ළඟා වී ඇත .
ඩොලරය මෙසේ ඉහළ අගයකට පත් වීමට ප්‍රධාන හේතු අතර ඇමරිකාව සහ ජපානය අතර මූල්‍යමය අර්බුද සහ ජපාන බැංකුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නම්‍යශීලී නොකර ගනිමින් පැවතීම බව බොහෝ විද්වතුන්ගේ මතයයි.