ටෝකියෝ හි පිහිටි ජපානයේ පැරණිම බීම හලකින් නිශ්පාදනය වන සහල් යොදා ගනිමින් සාදන ලද රස ගැන්වූ වයින් සහ මත්පැන් වර්ගයක්, ජපනුන් අතර ජපාන "ලලනා දිනයේදී" වඩා ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ගැහැණු ලමුන් හට දීර්ඝායුෂ පතන මෙම දිනයේදී ඔවුන් සහ පිරිවර හට පානය කිරීම සඳහා සහල් වලින් නිපදවන ස්ට්‍රෝබරි, කෙසෙල් සහ අනෙකුත් පළතුරු රසගැන්වූ මෙම වයින් වර්ග පිළිගැන්වීම සම්ප්‍රදායකි. පුරාතන ජපානයේ "එඩෝ" යුගයේ සිටම මෙම සුරා පානය කාන්තාවන් අතර මහත් ජනප්‍රියත්වයක් සුලා ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි.
ජපන් බසින් "හිනාමට්සුරි" යනුවෙන් හදුන්වන මෙම උලෙළේ දී, මෙම සහල් වයින් වලට අමතරව සහල් වලින් නිපදවන අනෙකුත් බිස්කට් වර්ග ඇතුළු ආහාර රාශියක් නිපදවනු ලැබේ. ටෝකියෝ හි පැරණිතම බීම හල වන Toshimaya හි මෙම සියලුම නිෂ්පාදන අලෙවි කරනු ලබන අතර එය පිහිටුවා ඇත්තේ වර්ෂ 1596 දී තරම් ඈතක දී වීම විශේෂත්වයකි.