පෙබරවාරි මස 22 වන දිනට යෙදෙන ලෝක බිලාලයන්ගේ දිනය නිමිත්තෙන් අලංකාර දුම්රිය ටිකට් පතක් නිකුත් කිරීමට කුමමොටෝ හි Hisatsu Orange Railway දුම්රිය සමාගම කටයුතු කල පුවතක් වාර්තා වේ.
ටිකට් පතේ එක් පසක ජපානය පුරා ප්රසිද්ධ බළල් චරිතයකින් හැඩ කර ඇති අතර, පෙබරවාරි 22 වන දින කිලෝමීටර 22.2ක දුර කින් සමන්විත, Higo-Tanoura සිට Shin-Minamata දක්ව වන දුම්රිය ගමන වෙනුවෙන් භාවිතා කිරීමට මගීන්ට හැකිය. බිලාලයන් සමරන මෙම දිනය ජපානයට විශේෂිත වූ දිනයක් බව ද පැවසේ.